සුවඳ සපිරි

සුවඳ සපිරි පිපෙන මලක් මම නෙලන්නෙ නෑ
මහද මිහිරි පුරන හදක් මම පෙලන්නෙ නෑ
සමිඳ අසිරි නසන බවෙක් මම පතන්නෙ නෑ
පැහැද කිහිරි නැගෙන කලෙක් මම පිදෙන්නෙ නෑ

පුන ගැයුම:

ජීවිත පූජා පූජාසනේ //

දූලි මැදින වෙහෙස කඳුළ පියවි ජීවිතේ
කැපිලි පුරන දහස විපුල පියවි ජීවිතේ
ඉපිලි දුදන පහස සකල පියවි ජීවිතේ
විදලි පිදෙන පසස ලකළ පියවි ජීවිතේ

අධම කුරිරු පිරුවේ බලැති ලොවට වින කළෝ
මැවුම මියුරු නැසුවො හදැති ලොවට වින කළෝ
සුසුම වියරු සැදුවො නැගෙති ලොවට වින කළෝ
පැතුම සතුරු පැතුවො ගෙවති ලොවට වින කළෝ

පිනිබිඳු (3) 39 පිටුව

 

රත්තරන් මුතු

පුන ගැයුම:

රත්තරන් මුතු මැණික් ඔබහට
පුද කරන්නට අත නැතේ
ආදරය හා අපේ හොඳ හිත
බාර ගනු මැන සමිඳුනේ

ළමා අපගේ ජීවිතය හා
දැනුම ඉගෙනුම ඔබ අතේ
තබා අපි සැම තුරුළු වන්නෙමු
ඔබේ කරුණා හදවතේ

අපේ මවුපිය සොහොයුරන් හා
මිතුරු කැල හැම ඔබ සිතේ
තබා රැක ගෙන සතුට සොම්නස
දෙන්න සැමවිට දෙවිඳුනේ

කිතුනු ළමා ගී (1) 15 පිටුව

පෙමින් පිදුන ඔබේ දිවිය

පෙමින් පිදුන ඔබේ දිවිය කුරුසෙ මත එදා
ලෙයින් ඔබේ දෙව්නි අපේ පාපි බව සදා
අතින් අපේ පිදෙන පඬුරු සමග දුක් කඳා
බැතින් බරවැ පුදමු ඔබට ආදරින් මෙදා

පුන ගැයුම:

මෙන්න අපේ තිලිණ ඔබට අප මෙදා ගෙනා
රැගෙන දෙන්න සුහද සමිඳ ඔබේ පෙම් දයා
ඔබේ පෙම් දයා

දුකන යදින පුදන පවිටු දුගී දනා මෙදා
නැමුන දණින් පුදා පූපෙ පව් කමා යැදා
පිදෙන ඔබට මිදි රස හා සියලු දුක බෙදා
මෙන්න ගන්න රජිඳ අපේ ආදරින් මෙදා

දිළිඳු අපට නොමැත රුවන් මැණික් පුදනටා
දිළිඳු බවත් ආදරයත් වෙතේ අපහටා
කිතුඳු ඔබයි දිවි දුන්නේ පාපි සතහටා
දිළිඳු සැමෝ ආදරයෙන් පිදෙයි ඔබහටා

පිනිබිඳු (1) 26 පිටුව

පවට නැමුනු

පුන ගැයුම:

පවට නැමුනු අප වෙතැ මෙත් පෑ
පෙම් කරුණාබර පියාණනී
මෙ පඬුරු පිළිගෙන අමිල පඬුරු ඔබ
පුතු හා අප වෙත වඩිනු මැනේ

ආදරයෙන් අප එක්වීලා
කරුණා ගුණ ඔබ පසසාලා
ගැති අප පව් ගැන දුක්වීලා
පඬුරු පුදමු අපි සැනසීලා

අප ආදර මව්බිම උදෙසා
එහි වසනා සැම දන උදෙසා
පාලන කරනා අය උදෙසා
යදිමු අසිරි මේ සැම උදෙසා

අපට ද අප ආදර සැමටා
අප පවුලේ සියලුම දෙනටා
මුළු ලොව අසරණ දනන් හටා
දෙනු මැන ආසිරි සැම දනටා

පිණිබිඳු (1) 22 පිටුව

ලොව මැව් දෙවිඳුට

ලොව මැව් දෙවිඳුට පුදමින් පඬුරු
ගයමින් තුති ගී පුතුනට මිතුරු
මිදි රස පූප ද සමග මැ ඉසුරු
ඔබට පුදමි මේ තුති පඬුරු

පුන ගැයුම:

ගන්නැ පඬුරු ආදර දෙවිඳේ
අප දිවි හා එකටෙ’ක් කරලා
ගන්නැ පඬුරු ආදර දෙවිඳේ

ඉපැදුන හෙවනද රැදැවෙන මව් බිම
කිරි දී වෙහෙසී දැඩි කැලැ මව් පිය
එ කුසින් බිහිවුන මගෙ සොහොවුරු කැළ
පුදමි ඔබට ආදර දෙවිඳේ

රට ගම අද පාලක පුඟුලන් සැම
සිප් සත සැලසූ සොඳ ගුරු හිමි සැම
රට සරසන මිතු මිතුරියො ආදර
ඔබ පුදනෙමි ආදර දෙවිඳේ

ආදරයෙන් එක්රැස් වී සැමදෙන
ආදර හදකින් සැම හා යදිමින
අප සතු සැම දැය ඔබ වෙතැ අරැගෙන
පුදමි ඔබට ආදර දෙවිඳේ

පිනිබිඳු (1) 20 පිටුව

පුදසුනේ පිදෙන මේ

පුන ගැයුම:

පුදසුනේ පිදෙන මේ තුටු පඬුර මෙදා
කුරුසියේ පිදුන ඒ බිලි පඬුර එදා

අපෙ ගත සිත පඬුරු සමඟ දෙවිඳුන් පුදමූ
අයහපතින් මිදෙන ලෙසට නිති අපි යදිමූ

දෙවියන් තුළ සැම දෙන මෙන් එක් අයෙක් වෙමූ
යදිමු යදිමු අපි සැම දෙන දෙවිඳුන් යදිමු

පියුම් පොට්ටු (1) 24 පිටුව

සදාතනේ සදාණනේ

පුන ගැයුම:

සදාතනේ සදාණනේ //
දෝතෙ හොවා ගෙන එන්නේ
අප දුක සැප සතුට කඳුළ //
කර පින්නා ගෙන එන්නේ
අප වැඩ පල සහ ප්‍රතිපල
ඔබට පුදන්නේ අප
පඬුරු ලෙසින්නේ
පිළිගන්න’ප සමිඳේ

අප ආදර දෙමාපියන්
නෑයන් හා හිත මිතුරන් //
තැලෙන පෙලෙන කම්කරුවන්
දුගී දුප්පත් අසරණයන් //

ඔබට පුදන්නේ අප
පඬුරු ලෙසින්නේ
පිළිගන්න’ප සමිඳේ

පියුම් පොට්ටු (1) 16 පිටුව

මගේ ජීවිතේ

මගේ ජීවිතේ රකින මෙ පූපේ
ලෙසට පණ මගේ පුදමි අතටො’බේ
එහි ඔබ සමිඳේ මාංශ ගතවී
වඩ වඩා ඔබේ පණ මට දෙන්නේ

මා ගත රුහිරේ ලකුණෙ මිදි රසේ
එයද ඔබ අතේ තබමි මේ විතේ
එදා වගෙ මෙදා හුස්ම ඔබෙ හෙලා
හරව ලෙයටො’බේ පොවනු මැනවි මා

ඔබට පසස ගී (5) 41 පිටුව

මොනවට ඔබ මට පඬුරු ගෙනාවේ

මොනවට ඔබ මට පඬුරු ගෙනාවේ
කිළිටි නේද ඔබෙ හිත ඇතුළේ
සහෝදරය හා ඔබේ හිතේ
කහට බැඳී ඇත අමනාපේ

පුදසුන ළගැ ඔබෙ පඬුරු තියාලා
සොහොයුරු ඔබගේ යන්නැ සොයා
එන්නැ ඔවුන් හා සමගි වැලා
පිරිසිදු සිතෙකින් පුදනට මා

ඔබට පසස ගී (6) 41 පිටුව

මල් සුවඳේ

මල් සුවඳේ නැගලා
එමි මම ඔබව සොයා
තරු වැල් බැඳ ගෙන
ඉර හඳ ඇද ගෙන
බබලා ඔබව සොයා

මී දුම හා මුසුවී
එමි මම ඔබව සොයා
එතු මී වදයේ – පැණිගෙන උදයේ
එමි මම ඔබව සොයා

කුරුළුන් කැදැලි සොයා
ඉර නැති සැන්දෑවේ
යනසේ එමි ඔබ – එමි මම යමි ඔබ
හිමි පා ඔබව සොයා

මගෙ මල් දිවිය නෙලා
මසුරන් බඳුනක ලා
සුවඳ ලාටු හා පරාග එහිලා
ගෙන එමි ඔබව සොයා

යාගී 5 පිටුව